Sunday, February 22, 2026
Follow Us
රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

අගෝස්තු මස 2වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.


රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් 02/2021 (III) නැමැති එම චක්‍රලේඛය ඊයේ (30) දින නිකුත් ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු 2 සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සදහා වාර්තා කළ යුතු වේ.

එමෙන්ම කොවිඩ් -19 වෛරස ව්‍යාපෘති පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ද අවලංගු කෙරෙනු ඇත.

(Aruna)