Sunday, February 22, 2026
Follow Us
ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් අද දිවයිනට

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ එන්නත් මාත්‍රා ලක්ෂ 7 ක් එහිදී මෙරටට ලැබීමට නියමිත බවයි.

මෙරට ජනතාවට පළමුවෙන් ලබාදුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. එහි පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ පුද්ගලයින් තුන් ලක්ෂ 85,885 දෙනෙකුට පමණයි. ඒ අනුව තවත් පුද්ගලයින් පන් ලක්ෂ 39,357 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිය යුතු වනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ අද ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙම පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට යොදා ගන්නා බවයි. එම කටයුතු යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් හෙට සිට සිදු කෙරෙනවා. ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)