Sunday, February 22, 2026
Follow Us
රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියට ?

ලොව විශාලතම මැණික් පොකුර ලෙස සැළකෙන රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ විදෙස් කෞතුකාගාරයක මෙය තැබීම මගින් ශ්‍රී ලංකාවට ද යම් මුදලක් හිමිවන බවයි.

මෙම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට යොමු කිරීම මගින් ඒ සඳහා උපරිම මිලක් ලබා ගැනීමට හැකිවන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ වනවිටත් විදේශිය ගැණුම්කරුවන් රැසක් මැණික් පොකුර සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.

කිලෝග්‍රෑම් 510ක් බරැති අදාළ මැණික මේ වන විට ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.

(Neth)