Friday, April 24, 2026
Follow Us
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නව තනතුරක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තනතුරක් සඳහා පත් කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.

නීතීඥවරයෙකුද වන අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇති අතර වසර තුනක කාලයක් සඳහා එම පත්කිරීම වලංගු වන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියේ.

(Neth)