Monday, February 23, 2026
Follow Us
පාසල් ලමුන්ට ෆයිසර් හෝ මොඩර්නා

අවුරුදු 12 – 18ත් අතර දරුවන්ට කොවිඩ් එන්නත


පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඒ අනුව පළමුවෙන් වයස අවුරුදු 12 – 18ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

සැප්තැම්බර් මස 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි පිරිසට එන්නත්කරණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

(Aruna)