Monday, February 23, 2026
Follow Us
නිල් මැණික චීනයේ වෙන්දේසි කරනවා. රජයටත් සීයට දහයක් ලැබෙනවා - ඇමති ලොහාන්

රත්නපුර, පැල්මඬුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකින් හමුවූ කිලෝ ග්‍රෑම් 510ක් බරැති ආරනූල් මැණික් පොකුර චීනයේ මැණික් වෙන්දේසියේදී විකිණීමට බලාපොරොත්තු වන බව මැණික් කර්මාන්ත හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

එම මැණික් පොකුරේ හිමිකරුගේ ද කැමැත්ත මත එය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන මැණික් වෙන්දේසියෙහිදී විකිණීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා මැණික අලෙවි කෙරෙන මුදලින් 10%ක් ශ්‍රී ලංකා රජයට හිමිවනු ඇති බවයි සඳහන් කළේ.

වෙන්දේසියට පෙර මුලින්ම එහි වටිනාකම නිසි ලෙස තක්සේරු කළයුතු බවත් දැනටමත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුත්තේ නිරතව සිටින බවත් පැවසූ ඒ මහතා මෙම මැණික සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බවත් ප්‍රකාශ කළේය.

(LNW)