Friday, April 24, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් සෙනසුරාදා දිවයිනට

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වැනි සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියේය.

එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය ලැබෙනු ඇත.

(Aruna)