Monday, February 23, 2026
Follow Us
මානව හිමිකම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිශන් සභාවේ කාලය දීර්ඝ කෙරේ

මානව හිමිකම් සම්බන්ධයෙන් පූර්වගාමී කොමිෂන් සභාවන්හි හා කමිටුවල තීරණ ඇගයීම හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

එම ගැසට් නිවේදනයට අනුව එම කොමිසමේ කාලය ලබන වසරේ ජනවාරි 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම වසරේ ජනවාරි මස 21 වනදා ජනාධිපතිවරයා විසින් පිහිටුවන ලද කොමිසමේ කාලය අවසන් වීමට නියමිතව තිබුණේ මේ මස 21 වනදායි.

(Neth)