Monday, February 23, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලැබීමේ ප්‍රමාදය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු කියයි

ජපානයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පළ කරනවා.

ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හේතුවෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිත කලාපයට පැමිණෙන ගුවන්යානා නොමැතිවීම එම එන්නත් තොගය මෙරටට ගෙන ඒම ප්‍රමාදවීමට බලපා තිබෙනවා.

කෙසේ වෙතත් හෙට දිනයේ හෝ දින කිහිපයක් ඇතුලත මෙම එන්නත් තොගය මෙරටට රැගෙන ඒම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

(Neth)