Saturday, April 25, 2026
Follow Us
විදෙස් රැකියා සඳහා යන අයට අද සිට යුද හමුදාවෙන් කොවිඩ් එන්නත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,711 ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් 481 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට නියමිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු කෙරෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

(Neth)