Monday, February 23, 2026
Follow Us
ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් වැඩි වෙලා

රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරෙයි


කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසකට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ වන විට රෝහල් කිහිපයකම කොවිඩ් ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල සැලසුම් කර තිබූ ඉඩකඩ බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බවද හෙතෙම කියයි.

එසේම මේ දිනවල හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද වෛද්‍යවරයා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ගත් නියැදිවලට අනුව සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයකට ඩෙල්ටා ප්‍රභේද ආසාදිත බවට තහවුරු වී ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවලද ඩෙල්ටා ප්‍රභේදය අඩුවැඩි වශයෙන් ව්‍යාප්තවී තිබේ යැයි ඔහු අවධාරණය කරයි.

(Aruna)