Monday, February 23, 2026
Follow Us
පාසල් සිසුන්ට අඩු මිලට මාස්ක්

දරුවන්ට ඇමති බන්දුලගෙන් සහනයක්


පාසල් දරුවන්ට සහන මිලට මුව ආවරණ ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් මුව ආවරණ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් සමග තමා සාකච්ඡා කරන බව ඇමැතිවරයා පවසයි.

දරුවන්ට සහන මිලට මුව ආවරණයක් ලබා දුනහොත් එය මවුපියන්ට ලොකු සහනයක් වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)