Monday, February 23, 2026
Follow Us
ගොවීන්ට ගොවි හැඳුනුම්පතක්

ගොවි ජනයාට ප්‍රතිලාභ රැසක් හිමි වෙන වැඩක්


ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඉඩම් හිමි ගොවීන් හා අඳ ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම් පතක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙයි.

1971 වසරේ ගොවි හැඳුනුම්පත් ලබාදීම ආරම්භ වුවද එම වැඩපිළිවෙළ මේ වන විට අකර්මන්‍ය වී තිබේ.

මේ නිසා ගොවියාගේ අනන්‍යතාව තහවුරු කිරීමට ලියවිල්ලක් නොමැති වීම, වගා ණය ලබාදීමේදී අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වීම ඇතුළු ගැටලු රැසක් මතුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කුඹුරු නොවන ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර ඉඩම් හිමියන් හා භුක්තිකරුවන් සඳහා ද දෙවන අදියරේදී ගොවි හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

හැඳුනුම්පත් නිකුත් කිරීමෙන් ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

(Aruna)