දෛනික කොරෝනා රෝගීන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉදිරියේදී යළි සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.
උතුර, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල පවා ඩෙල්ටා රෝගීන් මතුවෙමින් පවතින බවකි.
මීට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය දැඩි අවදානම් සහගත බවයි.
ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ වෙනත් රටවල ව්‍යාප්ත වීම සහ එය වැළඳීමේ ඉහළ හැකියාව සැලකිල්ලට ගනිමින් විශේෂඥයින් මෙම නිගමනයට එළඹ ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.
රට තුළ COVID-19 එන්නත ලබා දීම සතුටුදායක මට්ටමක පවතින බව පෙන්වා දුන් වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් ඇති අඩුපාඩු පිළිබඳව අවධාරණය කළේය.
මේ වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 19 කෝටි 43 ලක්ෂය ඉක්මවා ඇති අතර නොබෝ දිනකින් එය කෝටි 20 ඉක්මවා යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 124කට ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය, ඉදිරි මාස කිහිපයේදී ගෝලීයව ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ඒ අනුව සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි විස්ස ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කර තිබේ.
නව ආසාදිතයන්ගේ කැපීපෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති කලාප වන්නේ යුරෝපය සහ බටහිර පැසිෆික් කලාපයයි. ආසාදිතයන් ඉහළ ගියද දෛනික මරණ සංඛ්‍යාව අඩු අගයක පවතින බැවින් ඇතැම් යුරෝපා රටවල් සංචරණ සීමා ලිහිල් කර තිබේ.
(Lanka Leads)