දරුවන් මෙහෙකාර සේවයට යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් පිලිස්සී මිය යාමේ සිදුවීමත් සමග බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම පිළිබඳව සමාජයේ දැඩි කථාබහක් මතු වුණා. මෙවැනි සිද්ධීන් පාදක කරගනිමින් දරුවන් මෙහෙකාර සේවයට එක්වීම වැලැක්වීම සඳහා අදාල වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත නෙත් නිවුස් වෙත පැවසුවේ.
දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි දැරියක් පිළස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන ඔහුගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉකුත් සෙනසුරාදා සැකකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදුන්නා.
(Neth)