ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුලු ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවල ඉල්ලීම් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම ඉල්ලීම් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක්ද සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.
සිය ඉල්ලීම්වලට අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විසදුමක් ලැබෙනු ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං නෙත් නිවුස් වෙත සදහන් කළේ.
ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වු ගුරුවරුන් ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ සදහා අද දිනයේ කිසිදු සහායක් ලබා නොදීමටද ගුරු සංගම් තීරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
කොරෝනා වෛරසය හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති සමයක ගුරු විදුහල්පති සංගම් මෙවැනි වර්ජනයක නිරතවීම අනුමත කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියාසිටියේ.
(Neth)