Monday, February 23, 2026
Follow Us
ඇස්ට්‍රා සෙනිකා එන්නත අපේක්ෂාවෙන් සිටි ජනතාවට සුභ පණිවිඩයක්

ඇස්ට්‍රා සෙනිකා එන්නත මාත්‍රා ලක්ෂ 14ක් ඉදිරි දින කිහිපයෙදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ජපන් රජය මගින් පරිත්‍යාගයක් ලෙස මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් කිසිදු පුද්ගලයෙකු කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

(Neth)