Monday, February 23, 2026
Follow Us
වර්ජනයේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ලේකම්ගෙන් ආයාචනයක්

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයේ නිරත ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ආයාචනයක් සිදු කරනු ලබනවා. වර්ජනය ඇතහැර රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන් වෙනුවෙන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කරන ලෙසයි.

ගුරුවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධ කැබිනට් පත්‍රිකාවද සකස් කර අවසන් බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ. එම ගැටළු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගන්නා වූ තිීරණ පිළිබඳ දැනුම් දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලබන අඟහරුවාදා කැඳවා ඇති බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

(Neth)