ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත නොවුනද මෙරට හතර වන කොරෝනා රැල්ලක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එවන් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම මෙරට ජනතාවට සිදුකළ හැකි බවයි.
ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වාදී ඇති මාර්ගෝපදේශවලට අනුගතවෙමින් කටයුතු කිරීම අනිවාර්යෙන් සිදුකළයුතු බවයි ඔහු සදහන් කළේ.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවද 4,000 සීමා ඉක්වා ගොස් තිබෙනවා. එම මරණවලට බලපෑ හේතු සම්බන්ධයෙන් ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
සංචරණ සීමා පැනවීම තුළින් කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කළද සිදුවන කොරෝනා මරණ අවම කළ නොහැකි බවයි මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර මෙරටින් වාර්තා වන ඩෙල්ටා කොරෝනා ආසාදිතයින් ගණන 66 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.
ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,707 දෙනෙකු හදුනා ගැණුනා. ඉකුත් 23වනදා මෙරට සිදු වූ කොරෝනා මරණ 52ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 4,054 දක්වා ඉහල ගොස් තිබෙනවා.
(Neth)