A/L සමත් දරුවන්ට දැනුම්දීමක්
2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් යොමු කිරීමට නොහැකි වූ දරුවන්ට ඒ සඳහා නැවත අවස්ථාවක් ලබාදී තිබේ.
ඒ සඳහා එළඹෙන 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
” ඒ පුරවන ලද අයදුම්පතේ පිටපතක් ලබාගෙන ඒ පිටපතේ අත්සන් කරලා ඒක නැවත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. කියන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතුයි. 30 වනදායින් පසුව 31 වනදා සිට අගෝස්තු 14 වනදා දක්වා කාලය ලබාදෙනවා තමන් විසින් සඳහන් කළ විශ්වවිද්‍යාල අනුපිළිවෙල වෙනස් කිරීමට හෝ පාඨමාලා තොරතුරුවල අනුපිළිවෙල වෙනස් කරන්න අවශ්‍ය නම්. මේ අවස්ථාව වනවිට අයදුම්පත් යොමුකර අවසන් දරුවන්ට මේ අවස්ථාව හිමිවෙන්නේ නෑ.
ඒ වගේම එසේ යොමු කරලා තමන්ගේ වර්ණය වෙනස් කළ දරුවන්ට නැවත මේ අවස්ථාවේදී වර්ණය වෙනස් කරන්න අවස්ථාව හිමිවෙන්නේ නෑ. මෙතනදි අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ අයදුම්පත කුමණ හෝ හේතුවක් නිසා යොමුකර ගැනීමට නොහැකි වූ දරුවන්ට පමණයි.”
(Aruna)