රෝහල් ධාරිතාව උපරිමයට ළඟා වීමේ අවදානමක්
දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන, යළිත් කොරෝනා මර්දන නිතී දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ පැතිර යාම සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කරමින් සෞඛ්‍ය උපදෙස් මත සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හමුවේ රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වීමේ අවදානමක් ඉදිරියේදී ඇතිවිය හැකි බව, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
රට වසා තැබුණු කාලයෙන් අනතුරුව මෙලෙස සීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයෑම බරපතළ ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවසති.
(Aruna)