වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සහල් මෙන්ම ගෑස් සම්බන්ධයෙන් ද වෙළඳපලේ ඇත්තේ අර්බුදකාරී තත්ත්වයක්. මෙවන් වටපිටාවක කිරිපිටි ආනයනය සීමා කිරීමට ද ආනයනකරුවන් සූදානම් වන බවට වාර්තා පළ වනවා.
(Neth)