මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තැපැල් මගින් යොමුකර ඇති රියැදුරු බලපත්‍ර හැත්තෑ දහසකට අධික ප්‍රමාණයක් ක්‍රමවත් පරිදි හිමිකරුවන් වෙත ලැබී නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම රියැදුරු බලපත්‍ර බොහෝ ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිරවී තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය විසින් පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට මේ දක්වා රියැදුරු බලපත්‍ර එක් ලක්ෂ විසි දෙදහස් හාරසිය විසි නවයක් මුද්‍රණය කර බොරලැස්ගමුව තැපැල් කාර්යාලය හරහා ලියාපදිංචි තැපැල් මගින් හිමිකරුවන් වෙත යොමුකර තිබුණි.
කොවිඩ් තුන්වැනි රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් මාසයක කාලයක් රට වසා තැබීමත්, තැපැල් කාර්යාලවල කටයුතු අඩාළ වී තිබීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවැසීය.
මේ ආකාරයෙන් රියැදුරු බලපත්‍ර මෙතෙක් ලැබී නැති පුද්ගලයන් සිය ගණනකගෙන් වේරහැර කාර්යාලය වෙත දුරකතන ඇමැතුම් ලැබෙන බවද ඒ අතරින් බොහෝ අයගේ රිය බලපත්‍ර මාසයකටත් පෙර යවා තිබෙන බව තහවුරු වන බවද කී එම ප්‍රකාශකයා රියැදුරු බලපත්‍ර හිමිකරුවන් වෙත කුරියර් සේවා මගින් යැවීමේ ක්‍රමවේදයක් සැකසීම ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධාය යොමුව තිබෙන බවද කීවේය.
මේ සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්න ගෙන් අරුණ, කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලේඛනවල කිසිදු සිරවීමක් නැති බවත් මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ කිසිදු පාර්ශ්වයකින් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
(Aruna)