කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු මේ මස අවසන්වීමට පෙර නිමා කිරීමට බලාපොරොත්තු ව බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හුදෙකලා කිරීම් පෙර දැනුම්දීමකින් තොරව
හමුදාපතිවරයා පැවසුවේ කොවිඩ් මැඩලීමට ඇති එකම පිළියම එන්නත්කරණය බවයි.
එම නිසා එන්නත්කරණය කඩිනමින් අවසන් කළ යුතු බවත්, එන්නත ලබානොගත් ජනතාවට ළගම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයක් වෙත ගොස් කොවිඩ් මර්දනය එන්නත ලබා ගත හැකි බවත් හමුදාපතිවරයා පැවසීය.
කොළඹ මෙන්ම පිට පළාත් වලද එන්නත්කරණ කටයුතු වේගවත් කර ඇති බව ඔහු සදහන් කළේය.
කොළඹ ජනතාවට කොළඹ විහාර මහා දේවි විද්‍යානය සහ දියත උයන වැනි ස්ථානවලදී එන්නත ලබාග හැකි බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
(Aruna)