Monday, February 23, 2026
Follow Us
රටේ සෑම දිස්ත්‍රික්කයකටම එන්නත්කරණය ව්‍යාප්ත කෙරේ

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි පරිදි එන්නත් තොග මෙරටට ලැබෙමින් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ ලබන සඳුදා දිනයේදී ෆයිසර් එන්නත් මාත්‍රා 90,000 ක් ද මෙරටට ලැබීමට නියමිත බවයි.

මේ දක්වා කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව හැට එක් ලක්ෂ 38,757 ක්. ඒ අතරින් දෙවන මාත්‍රාව ද සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ 13,686 ක් වනවා.

(Neth)