සෞඛ්‍ය, වරාය, ප්‍රවාහන, රේගුව ඇතුළු ක්ෂේත්‍ර 12 ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා යටතේ ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු පොදු ප්‍රවාහන සේවා, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, පළාත් පාලන ආයතන මගින් කෙරෙන කසළ කළමනාකරණ සේවා කටයුතු, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාලවල සේවා, තැපල් දෙපාර්තමේන්තුවේ සේවා අත්‍යවශ්‍ය සේවා යටතට පත් කර තිබේ.
නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවා බවට පත්වන බවද එහි සඳහන් වෙයි.
(LNW)