Saturday, April 25, 2026
Follow Us
සාම්පූර්හි කලු කොටි සැමරුමක් නවත්වන්නැයි අධිකරණයෙන් නියෝගයක්

සාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ කලු කොටි සැමරුමක් පැවැත්වීම වළක්වාලමින් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සාම්පූර් පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි. එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් ලබන 23 වනදා කලු කොටි සැමරුමක් පැවැත්වීමට සූදානමක් ඇති බවටයි පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත්තේ.

කරුණු සලකා බැලූ මුතූර් මහේස්ත්‍රාත් පස්මිලා භානු විසින් එම නියෝගය නිකුත් කර ඇත්තේ එම සැමරුම සංවිධානය කළ වෙරුගල් ප්‍රාදේශීය සභාවේ උප සභාපති දේවනායගම් සංකර්, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ගනේෂ් පිල්ලේ කුගන් ඇතුලු පිරිසකටයි.

(Neth)