Monday, February 23, 2026
Follow Us
සති අන්තයේ දීර්ඝ නිවාඩුව ගැන යුද හමුදාපති කතා කරයි

සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් යෙදී තිබුණද රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමේ සූදානමක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා පමණක් තව දුරටත් ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස වෙත කියා සිටියේ.

මේ අතර නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 207 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතෙන් පිටවීමට සහ ඇතුළුවීමට තැත් කළ 261 දෙනෙකු ඊයේ දිනය තුළ ආපසු හරවා යවා ඇති බවයි.

සති අන්ත නිවාඩු දිනවල සියලුම පළාත් මායිම්වල ප්‍රවේශ ස්ථාන සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)