වී මෝල් හිමියන් සමඟ තවත් සති 02කින් ගිවිසුමක්
වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බවත් එක් එක් පුද්ගලයන්ට, මෝල් කරුවන්ට අවශ්‍ය විදිහට වී මිල සහල් මිල තීරණය කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
වී මිල සහ හාල් මිල සම්බන්ධයෙන් ඉදිරි දෙසතියේදී සියලුම මෝල් හිමියන් සමග ගිවිසුමක් අත්සන් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හාල් වැඩි මිලට විකිණුවහොත් ලැබෙන 2500 දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කර ඇති අතර යල කන්නේ නිපදවන සහල් නියමිත මිලට වැඩියෙන් විකිණිය නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි
(Aruna)