Monday, February 23, 2026
Follow Us
2020 සා. පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට නිවේදනයක්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සෞන්දර්යය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සදහා දින නියම කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව සෞන්දර්යය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම සිසුන් සදහා පෙර පුහුණුවීම් කටයුතු පාසල්වල ආරම්භ කිරීමට සැලසුම්කොට තිබේ.

ඒ අනුව එම සිසු දරු දැරියන් පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජූලි 26 වැනි සඳුදා දින සිට මාසයක කාලයක් පාසලට කැඳවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 622,000ක් පෙනී සිටි අතර ඉන් සිසුන් 169,000ක් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිතයි.\

(Aruna)