Monday, February 23, 2026
Follow Us
හුදකලා කිරීම් ඉවත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

අද (20) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.

මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත හුදකලා බවින් නිදහස් කර ඇත.

තවද කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කර තිබේ.

(Aruna)