Monday, February 23, 2026
Follow Us
අර්ජුන් මහේන්ද්‍රන් නැතිව නඩුව ඉදිරියට ගෙන යනවා - නීතිපති අධිකරණයට දැනුම් දෙයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව විශේෂ ත්‍රිපුද්ල මහාධිකරණය හමුවේ අද කැඳවා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක‍ සොලිසිටර් ජනරාල් ප්‍ර‍ියන්ත නාවාන මහතා දැනුම් දී තිබෙන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නොමැතිව නඩුව ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ද්විත්ව පුරවැසියෙකු වන අතර ඔහු සිංගප්පූරුවේ වාසය කරන බවට වාර්තා වී තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවස්ථා කිහිපයකදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට බාර‍ දෙන්නැයි සිංගප්පූරු රජයෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් ඔහු අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීමට ‍නොහැකි විය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට කඩිනමින් දඬුවම් දෙන බවට පොරොන්දු විය. කෙසේ නමුත් මේ දක්වා මෙම වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම්කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අසමත් වී තිබේ.

(LNW)