Monday, February 23, 2026
Follow Us
මගුලට අවමගුලට පළාත් සංචරණය සිදුකල හැකි ආකාරය මෙන්න

විවාහ සහ අවමංගල්‍ය කටයුතු වල දී පළාත් මායිම් අතර ගමනා ගමනය කිරීමේ හැකියාවක් නොමැති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් අදාළ ලේඛන මඟින් තහවුරු කිරීමකින් අනතුරුව යම් ලිහිල් කිරීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.

එසේම විවාහ උත්සවයක දී යුවළ පළාත් දෙකක සිටීනම් පමණක් එක් පාර්ශවයකට අනෙක් පළාතට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව මනාල යුවළගේ මව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවන අතර අනෙකුත් පිරිස් වලට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ ආකාරයට උපරිම සංඛ්‍යාව 150කට හෝ අදාළ ස්ථානයේ ධාරිතාවයෙන් සියයට 25ක ප්‍රමාණයකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසරය හිමිවේ.

(Aruna)