Friday, February 27, 2026
Follow Us
වසර 20 කට පසු සමූපකාරය මගින් වී මිලදී ගැනීම අද සිට

වසර 20 කට පසු සමූපකාරය මගින් වී මිලදී ගැනීම අද ආරම්භ වනවා. ඒ යටතේ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල සමූපකාර සමිති සඳහා සියයට 4 ක පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම අද සිදු කෙරෙන බවයි සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

දිවයින පුරා පිහිටා ඇති සමූපකාර දෙපාර්තමේන්තුව සතු වී ගබඩා 382 ක් සඳහා වී මෙටි්‍රක් ටොන් 45,000 ක් මෙවර මහ කන්නයේදී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඉදිරියේදී තවත් පළාත් 04 ක සමූපකාරය මගින් වී මිලදී ගැනීමේ කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එලෙස මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර සහනදායී මිලකට වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)