Saturday, February 28, 2026
Follow Us
අග්‍රාමාත්‍යතුමා සහ කතානායක අතර හමුවක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා’ විජේරාම පිහිටි නිල නිවසේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ. හමුව අද (24) උදෑසන පවත්වා ඇත.

මෙහිදී කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර මෙහිදී සුහද සාකච්ඡාවක් පවත්වා ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසින් කතානායකවරයාගේ අවධානය යොමු කර ඇත.

(Aruna)