Sunday, March 01, 2026
Follow Us
ආදායම් බදු වාර්තා ලබා දීමේ කාලය දීර්ඝ කෙරේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට පිටස්තර පුද්ගලයන් ඇතුළුවීම තාවකාලිකව නතර කිරීම හේතුවෙන් ආදායම් බදු වාර්තා ලබාදීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් එච් එම් ඩබ්ලිව් සී බණ්ඩාර පැවසුවේ නොවැම්බර් 30 වනදාට ලබාදීමට තිබූ එම වාර්තා පෙබරවාරි 28 වනදා දක්වා කාලය දීර්ඝ කළ බවයි.

සිය අවශ්‍යතාවන් ඉටුකර ගත හැකි ආකාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සදහන් කර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච් එම් ඩබ්ලිව් සී බණ්ඩාර පැවසුවේ.

අතරමැදියන්ට හසු නොවී සිය බදු වාර්තා තමන් විසින්ම පුරවන ලෙසට මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.

(Neth)