Sunday, March 01, 2026
Follow Us
නිවාස ණය පොළිය 7% දක්වා අඩුකිරීමේ චක්‍රලේඛය බැංකුවලට

නිවාස ණය සදහා පොළිය 7% දක්වා අඩු කිරීම සදහා ඊට අදාළ චක්‍රලේඛය මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත යවා ඇතැයි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවාස 6 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනි.

7% පොළී අනුපාතය යටතේ නිවාස ණය ලබාදීම සදහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇති බවත්, ජනතාව කඩිනමින් එම සහනය ලබාදෙන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

(Aruna)