Monday, March 02, 2026
Follow Us
තුන්වැනි පාසල් වාරය තවම ස්ථිර නැහැ

පාසල්වල තෙවැනි වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවැසීය.

මෙම 23 වැනිදා තෙවැනි වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් කලින් සාකච්ඡා කළද ඊට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මේ සතියේ දී ලබාගන්නා බවත් ලේකම්වරයා කීවේය.
තෙවැනි වාරය ආරම්භ කිරීමේදී ප්‍රාථමික අංශ දරුවන් මුලින්ම කැඳවීමට අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි කී ආචාර්ය උපාලි සේදර පාසල් අධ්‍යාපන කටයුතු නොමැතිවීමෙන් වැඩි බලපෑම ලක්වන්නේ ප්‍රාථමික අංශ දරුවන් යැයිද සඳහන් කළේය.

(Aruna)