Monday, March 02, 2026
Follow Us
පාසල් ආරම්භය තවත් සති දෙකකින් කල් යයි

දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඒ අනුව ලබන නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් කල්දැමෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)