Monday, March 02, 2026
Follow Us
බස්නාහිර විවෘත කර ඇති ඉන්ධන හල් මෙන්න

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සපයනු ලබන ආයතන, නිෂ්පාදන හා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ඉන්ධන සැපයුම් ලබා දීම සඳහා එම ස්ථානයන් වෘත්තව තැබීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 62ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල 68ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 27ක් ද, විවෘතව තිබේ.

එම තෝරාගත් ඉන්ධන හල් සම්බන්ධව වැඩි විස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

එලෙස විවෘතව ඇති ඉන්ධන හල් පිහිටි ස්ථානයන් පහතින් දැක්වේ……..'

11

(Aruna)