Sunday, September 27, 2026
Follow Us
රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද 2020.09.24 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වූයේය.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.
එහිදී අග්‍රාමාත්‍යතුමා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.