Sunday, September 27, 2026
Follow Us
මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මකයි

මංතීරු නීතිය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සඳහන් කරයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මංතීරු නීතිය ලබන සඳුදා සිට මෙලෙස යළි ක්‍රියාත්මක කරනු ලබයි.

(Aruna)