Wednesday, March 04, 2026
Follow Us
පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම අද

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිලිබඳ තොරතුරු ඇතුලත් සාර සංග්‍රහයේ පළමු වෙළුම අද (25) පාර්ලිමේන්තුවේ දී එළිදක්වනු ලැබුවා.

එහි පළමු පිටපත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමනු ලැබුවා.

පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය ,සභානායක දිනේෂ් ගුණවර්ධන,ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මැති ඇමති වරුන්ට ග්‍රන්ථ පිරිනැමීම සිදුකෙරුණා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ක්‍රියාකාරකම් සහ රීතීන් ඇතුළත් කර තිබේ.

(Aruna)