ඌව, මධ්යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.