ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සදහා අද (08) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ මහතා අද සිට ලබන 10 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන අතර දෙරට ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණයි.
මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.
මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි.