Monday, September 07, 2026
Follow Us
ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රවර්ධනයට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් වෙයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනය වන "Sri Lanka Expo 2027" ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්රී ලංකන් ගුවන් සේවයේ Airbus A321 Neo ගුවන් යානයක් "Sri Lanka Expo 2027" සන්නාම ලාංඡනයෙන් අලුතින් හැඩගැන්වීම පසුගියදා සිදු කරන ලදී. මෙම ප්රදර්ශනය මගින් කෘෂිකර්මාන්තය, කාර්මික නිෂ්පාදන, අපනයන සේවා, නවෝත්පාදන සහ සංචාරක ක්ෂේත්ර ඇතුළු ශ්රී ලංකාවේ විවිධ අපනයන අංශයන් පුළුල් ලෙස ප්රදර්ශනය කිරීමට නියමිතය.
අලුතින් සන්නාමගත කරන ලද මෙම ගුවන් යානය නිල වශයෙන් නික්ම යාම සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ අවස්ථාවට, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා, අපනයන සේවා අංශයෙහි අධ්යක්ෂ සහ Sri Lanka Expo 2027 හි ව්යාපෘති ප්රධානි ඉදුමිණී කොඩිකාර මහත්මිය, Sri Lanka Expo 2027 හි උපදේශක සම්බන්ධීකාරක අනෝමා ප්රේමතිලක මහත්මිය සහ ශ්රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් පිරිසක් එක්විය.
 
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ මූලිකත්වයෙන් ක්රියාත්මක වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින්, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) දී "Sri Lanka Expo 2027" ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනය සංවිධානය කරනු ලැබේ. ශ්රී ලංකාව දකුණු ආසියානු කලාපයේ වැදගත් වෙළඳ සහ ආයෝජන මධ්යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා මෙම ප්රදර්ශනය උපායමාර්ගිකව සැලසුම් කර ඇත.
මෙම ප්රදර්ශනය සඳහා ප්රමුඛ පෙළේ ප්රදර්ශකයින් 750කට අධික සංඛ්යාවක් සහභාගී වීමට නියමිත අතර, විදේශීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් 1,500කට වැඩි පිරිසක් අපේක්ෂා කෙරේ. ප්රධාන ප්රදර්ශනයට අමතරව, විශේෂිත ආයෝජන සංසදයක් (Investment Forum), කර්මාන්ත සඳහා වෙන්වූ විශේෂ සැසි සහ B2B රැස්වීම් ඇතුළු ඉහළ මට්ටමේ සංසද මාලාවක් ද මෙහිදී පැවැත්වෙනු ඇත. තවද, ශ්රී ලංකාවේ ආර්ථික සහ සංස්කෘතික ප්රබෝධය පිළිබඳ සම්පූර්ණ අත්දැකීමක් ලබා දීම සඳහා විලාසිතා දර්ශන, සූපශාස්ත්ර ප්රදර්ශන සහ විචිත්රවත් සංස්කෘතික සංදර්ශන ද මෙයට ඇතුළත් වේ.

ප්රදර්ශනයට අනුව සන්නාමගත කරන ලද මෙම Airbus A321 Neo ගුවන් යානය, ශ්රී ලංකන් ගුවන් සේවයේ ප්රධාන මෙහෙයුම් කලාප වන ඉන්දියාව, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, කටාර් රාජ්යය, මාලදිවයින, මලයාසියාව, කුවේටය සහ තායිලන්තය ඇතුළු කලාපය පුරා ගමන් කරමින්, "Sri Lanka Expo 2027" සන්නාමය එම කලාපවල සංචාරකයින් හා වෙළඳ ප්රජාව අතරට රැගෙන යනු ඇත.

මෙම හවුල්කාරිත්වයේ තවත් අංගයක් වශයෙන්, "Sri Lanka Expo 2027" සඳහා පැමිණෙන විදේශීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සඳහා පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ගාස්තු සඳහා 20%ක් දක්වා ද, ව්යාපාරික පන්තියේ (Business Class) ගුවන් ගාස්තු සඳහා 10%ක් දක්වා ද විශේෂ වට්ටම් ලබා දීමට ශ්රී ලංකන් ගුවන් සේවය කටයුතු කරනු ඇත.