නුවරඑලිය සංචාරක නිකේතනයකදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්රශ්න කිරීමට කළ ඉල්ලීමක් මත එම සැකකරුවන් එසේ රඳවාගෙන ප්රශ්න කිරිමට අවසර ලබාදී තිබේ.
සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අද (25) නුවරඑලිය පොලිිසිය විසින් නුවරඑළිය මහේස්ත්රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දී තිබේ.
නාරම්මල ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්රියාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක නැමති 35 හැවිරිදි සැකකාරිය සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්රාදේශීය සභාවේ රියදුරු 49 හැවිරිදි වන ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ යන අයගෙන් මෙම ප්රශ්න කිරීම සිදු කරනු ලබයි.
ප්රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් යාපනේ කයිතඩි ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල නුවරඑලිය පොලිසිය වෙත ඊයේ (24) භාර දී තිබිණි.
ඝාතනයට අනුබල දුන් ආරක්ෂක අංශ නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.