වෙනිසියුලාව පුරා ඊයේ සවස එක පිට එක සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙකක් සහ ඉන් අනතුරුව ඇතිවූ පසුකම්පන (aftershocks) දහයකට ආසන්න ප්‍රමාණයක් හේතුවෙන් මේවනවිට රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හේතු වී තිබේ.
මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් අගනුවර වන කරකාස් (Caracas) ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, පුද්ගල මරණ ද වාර්තා වී ඇති බව චැකාවෝ (Chacao) දිස්ත්‍රික්කයේ නගරාධිපතිවරයා තහවුරු කළේය. කෙසේ වෙතත්, මියගිය නිශ්චිත සංඛ්‍යාවක් ඔහු මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව භූමිකම්පා ද්විත්වයේ තත්ත්වය පහත සඳහන් පරිදි දක්වා තිබේ.
-
පළමු භූමිකම්පාව: රික්ටර් පරිමාණයේ 7.1 ක අගයක් ගත් අතර, එහි කේන්ද්‍රය කරකාස් නුවර සිට කිලෝමීටර් 168 ක් බටහිරින් පිහිටි මොරොන් (Moron) ප්‍රජාවට බටහිර දෙසින්, කිලෝමීටර් 13 ක ගැඹුරින් පිහිටා තිබුණි.
-
දෙවන භූමිකම්පාව: මිනිත්තු කිහිපයකට පසුව සිදු වූ මෙය රික්ටර් පරිමාණයේ 7.5 ක ප්‍රබලත්වයකින් යුතු වූ වඩාත් විනාශකාරී එකකි. එහි කේන්ද්‍රය මොරොන් සිට කිලෝමීටර් 16 ක් නිරිත දෙසින්, කිලෝමීටර් 10 ක ගැඹුරක සටහන්ව තිබුණි.
භූමිකම්පාවත් සමඟ කරකාස් නුවර සෙලවීමට ලක්වූ බහු මහල් ගොඩනැගිලිවල සිටි ජනතාව වහාම ඉවත් කිරීමට පියවර ගැනුණි. ඇතැම් ගොඩනැගිලිවල පිටත තාප්ප හා බිත්ති සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, නිවාස තුළ තිබූ ගෘහ භාණ්ඩ පවා මහමඟට දර්ශනය වන තරමට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙම භූකම්පන තත්ත්වය හේතුවෙන් පුවටෝ රිකෝ (Puerto Rico) සහ වර්ජින් දූපත් (Virgin Islands) වෙත සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙන බව දෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.