Thursday, June 25, 2026
Follow Us
බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 සීමාවට ළඟා වෙයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පෙන්වා දී තිබේ.

ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ලෙසයි අද දක්වා තිබෙන්නේ.

එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල  අමෙරිකානු ඩොලර් 73.32 ලෙස ද වාර්තා වෙයි.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68ත් 70ත් අතර පරාසයකයි.