ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සේවාවන්, සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්‍යක්ෂමව හා ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා හඳුන්වා දී ඇති Mother lanka digital වේදිකාව නිල වශයෙන් හඳුන්වා දීම විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
මෙම අන්තර් ක්‍රියාත්මක වේදිකාව මගින් පාර්ශවකරුවන් විශේෂඥයන් සහ සාමාන්‍ය ජනතාව එකට එක්ව අනාගතය සඳහා වඩා හොඳ නගර සැලසුම් ඇතුලත් ශක්තිමත් තිරසාර සමාජයක් ගොඩ නැගීමට එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසයි.
රට තුළ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය සක්‍රීය කරමින් කාර්‍යක්ෂම, විනිවිදබාවයෙන් යුත් විශ්වාසදායී සේවාවක් ජනතාව ලබා දීමට තිරසර ව්‍යපෘති, සංවර්ධන සැලසුම් හා නියාමනයන් පිලිබඳ මහජනතාවට, වෘත්තිකයන්ට විවෘත සිය අදහස් භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වේදිකාව මගින් හුවමාරු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.මේ පිලිබඳ ලැබෙන මහජන අදහස්, යෝජනා සහ ගැටළු පිලිබඳ කඩිනමින් ක්‍රියත්මක වී නැවත නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරී කණ්ඩායම් විසින් ඊට අදාල කඩිනම් ක්‍රියාමාර්ග හා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත. මෙයට සම්බන්ධ වන සියලු ආකාරයේ පරිශීලකයන්ගේ රහස්‍යභාවය සහ පුද්ගල අනන‍්‍යතාවයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.
මෙම ව්‍යාපෘතියට නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශයෙන් තාක්ෂණික සහයද උපාය මාර්ග සැලසුම් අංශයෙන් මෙහෙයුම් කටයුතුද සිදු කෙරේ.
මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පළකළ අදහස්,
අද දිනයේ ලෝකයේ රටවල් යුද්ද කරගනිමින් ජීවිත හා දේපල විනාශයට පත්කර ගනිමින් සිටින අවස්ථාවක අපේ රට තුල ජනතාවගේ ජීවිත පහසු කරවන්නටත් ප්‍රජතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන්නටත්, අයිතිවාසිකම් වර්ධනය කරන්නටත් තීන්දු තීරන ගෙන තිබෙනවා. ජීවිත වලට සාධනීය දිශාවකට ගැනීමට දරන උත්සාහයක් ලෙස දකිනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් රටේ විවිධ නගර වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල ප්‍රගතිය, ඒවාට එල්ලවී ඇති බලපෑම්, ප්‍රමාදයන් ඇතුලු ක්ෂෙත්‍රයන්ට සම්බන්ධ කරුනු ගැන සාමාන්‍ය ජනතාවට විශේෂඥයින්ට, විද්වතුන්ට, විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ට සහ ශිෂ්‍යන්ට, ව්‍යාපාරික ප්‍රජාවට විදිමත් යාවත්කාලීන වීම සඳහා මෙම ඇරඹුම වැදගත් වෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් උතුරු පලාත් සංවර්ධනයේදී මැනිං වෙළඳපොල සේවාව විධිමත් කිරීමටත් මහල් නිවාස සංකීර්ණ වල ජීවත් වන පවුල් 13500 පමණ පිරිස් සඳහා දැනටමත් ඩිජිටල් සේවා පහසුකම් ලබාදීම ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ තරුණ දක්ෂ කණ්ඩායමක් යොදා ගැනීම පිලිබඳ කෘතඥතාවය පලකරනවා. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංයේ යටතේ පවතින අනෙකුත් ආයතන වලටත් මෙම ක්‍රමවේදය සුදුසු පරිදි ඉදිරියේදී හඳුන්වා දී ජනතාවගේ අයිතිවාසිකම් සහ අභිලාශයන් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුලු නාගරික සංවර්ධන අධිකාරියේ සියලුම අංශ නියෝජන කරන අංශ ප්‍රධානීන් එක්ව සිටියහ.